රාහුල් තමයි පක්ෂ නායකයා



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර, ඊට එක්වුණු සෝනියා ගාන්ධි කියා සිටියේ කොංග්‍රස් පක්ෂයේ නායකයා තම පුතු රාහුල් බවත්, තමා ද දැන් පිළිපඳින්නේ රාහුල්ගේ උපදෙස් බවත්ය.

කොංග්‍රස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ සෝනියා ගාන්ධි, පසුගිය වසරේ පක්ෂ නායකත්වය පුතු රාහුල්ට ලබා දුන්නේය. ඒ අනුව කොංග්‍රස් පක්ෂය දැන් මෙහෙයවීම සිදුකරන්නේ රාහුල් ගාන්ධිය. ඊට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය.

පක්ෂයේ නායක රාහුල්ගේ උපදෙස් පිළිපඳිමින්, ඔහුට සහාය දන්වමින් ඉදිරි මැතිවරණ සඳහා ශක්තිමත්ව මුහුණ දිය යුතු යැයි සෝනියා පක්ෂ සාමාජිකයන් හමුවේ වැඩිදුරටත් පැහැදිලි කළාය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS