රාජ්‍ය රහස් දුන් නිලධාරිනියට වැඩ වරදී



පාකිස්ථාන බුද්ධි අංශවලට රාජ්‍ය රහස් සැපයූ බවට චෝදනා එල්ල වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකට ඉන්දීය අධිකරණ විසින් සිරදඩුවම් නියම කර ඇත.

මෙලෙස සිර දඩුවම් නියම වී ඇත්තේ මධුරි ගුප්තා නැමැති 61 හැවිරිදි රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකට එරෙහිවය.ඇය ඉස්ලාමාබාද් හි ඉන්දීය තානාපති කාර්යාලයේ සේවය කළ කාලයේ දී මෙම තොරතුරු ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව 2010 වසරේදී ඉන්දීය බුද්ධි අංශ විසින් එම නිලධාරිනිය අත්අඩංගුවට ගෙන තිබු අතර මාස 21 ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති ඇය පසුව ඇප මත නිදහස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජ්‍ය රහස් ලබාදීමේ චෝදනාවට වරදකරු බවට පත්වීම හේතුවෙන් ඇයට වසර 3ක සිරදඩුවමක් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝග කර ඇත.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS