රස්සාවට නිගරු කළ හංගේරියානු මාධ්‍යවේදිනිය සිර කූඩුවට



 

මිනිස් සංහතියට මෙන්ම මාධ්‍ය සදාචාරයටත් කළු පැල්ලමක් එක් කළ හංගේරියා මාධ්‍යවේදිනියකට එරට අධිකරණය වසර තුනක සිරදඬුවමක් ලබා දී තිබේ. 

ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් 08 වැනිදා හංගේරියා හා සර්බියා දේශසීමා හරහා ගමන් කරමින් සිටි සිරියානු සංක්‍රමණිකයින් කිහිප දෙනෙකුට මෙම මාධ්‍යවේදිනිය අඩන්තේට්ටම් කර තිබෙන විඩියෝවක් පසුගිය මාස කිහිපය පුරා අන්තර්ජාල ඔස්සේ විවිධ සාමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රචාරණය විය.  

එහිදී මෙම හංගේරියානු මාධ්‍යෙව්දිනිය විසින් ගමන් මඟ අහුරා සංක්‍රමණිකයින් දෙදෙනාට ඇය විසින් පසු ප්‍රහාරයන් එල්ලකර ඇත්තේ බොහෝ දෙනා ඉදිරිපිටදීයි.  

එය වෙනත් අයෙකුගේ කැමරාවක සාක්‍ෂි සහිතව සටහන්ව තිබුණි.  ඇය මෙසේ පීඩාවට පත්කර ඇත්තේ කුඩා දැරියක හා අතදරුවෙකු සමග සිටි පුද්ගලයෙකුට බව වාර්තා වෙයි.  

කරුණු සැලකිල්ලට ගත් අධිකරණය කලහකාරී ලෙස හැසිරීම හා සංක්‍රමණිකයින්ට පීඩා කිරීම යන කරුණු මත මාධ්‍යවේදිනියට සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

( තිළිණි ද සිල්වා )
ප්‍රෙස් ටීවී /  සී.එන්.එන් ඇසුරෙනි.......


RECOMMEND POSTS