යුද්ධයකට පැටළෙන්න සැරැසෙයි



උතුරු කොරියාව යුද්ධයකට සූදානම් වෙන බවත්, එරට නැගෙනහිර වෙරළ තීරය අවට හමුදාව, යුද ටැංකි, මිසයිල විඳින අවි ආයුධ ආදී සීරුවෙන් තබා ඇති බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ නිවේදනය කළේය.

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර මේ වනවිටත් ‘නිරවි යුද්ධයක්’ නිර්මාණය වී ඇත. උතුරු කොරියාවේ හිතුවක්කාර මිසයිල වැඩසටහන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විරෝධයට ලක් වීම ඊට හේතුවය.

පසුගිය දා පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ට්‍රම්ප් පැවැසුවේ උතුරු කොරියාවවිනාශ කිරීමට පවා තමන් පසුබට නොවන බවය. ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හඳුන්වන්නේ ‘රොකට් මෑන්’ හෙවත් රොකට් මිනිසා යන නමිනි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ තර්ජනවලට හෝ සම්බාධකවලට හෝ තමන් බය නොවන බයත්, ඕනෑම වෙලාවක ඇමෙරිකන් හමුදාවට අභියෝග කිරීමට තම හමුදාව සූදානම් බවත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත.

ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් බෝම්බ හෙළන ගුවන් යානා කිහිපයක් උතුරු කොරියානු ගුවන් සීමාව ආසන්නයට පැමිණියේය. උතුරු කොරියානු හමුදා වහා ක්‍රියාත්මක වී, ඔවුන්ගේ යුදෝපාකරණ සීරුවෙන් තැබුවේ එම අවස්ථාවේ සිටය.

තම ගුවන් සීමාව උල්ලංගනය කළොත් ඕනෑම ගුවන් යානයක් පහර දී බිම හෙළීමට තමන්ට නෛතික අයිතියක් ඇතැයි උතුරු කොරියානු රජය පවසා ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS