යළිත් කොරෝනා පරීක්ෂණයට



උණ සහ සෙම්ප්‍රතික්ෂා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ යළිත් වරක් කොරෝනා වයිරස පරීක්ෂණයකට යොමු කළේ යැයි බ්‍රසීල සෞඛ්‍ය බලධාරීහු ඊයේ (7) පැවැසූහ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වවිරසය ආසාදනය වී ඇතිදැයි සෙවීමට, බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ තෙවැනි අවස්ථාව මෙය යැයි බ්‍රසීල මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ලොව දෙවැනියට වැඩියෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,626,071 ක් වන අතර, වාර්තා වන කොරෝනා මරණ 66,0000 කි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සේම, සෞඛ්‍ය නීති ගැන තැනීමක් නොකරන ජනාධිපතිවරයකු ලෙස බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසා ඇත. බොල්සරානෝ මුහුණු ආවරණ පැලඳීම පවා ප්‍රතික්ෂේප කර සිටි අතර, මුහුණු ආවරණ පලඳින්නැයි බ්‍රසීල අධිකරණයක් පවා නියෝග කළේය.

මේ අතර, ලෝකයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 11,746,826 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (7) නිකුත් කළ නිවේදනයේ දැක්විණි. සමස්ත මරණ ගණන වාර්තා වී ඇත්තේ 5,40,810 ක් ලෙසය.

සාඕ පාවුලෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS