මෝදිට විරෝධයා පෑ පහක් මරුට



බංග්ලාදේශයේ 50 වැනි නිදහස් දිනය සමරමින්, එහි ප්‍රධාන අමුත්තා ලෙස දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විරෝධය පළ කරමින් පැවැති විරෝධතාවකට එක්වුණු පස් දෙනෙක්, පොලිසියේ පහරදීමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ පොලිසිය කළ වෙඩි තැබීම්වලින් තවත් 20 ක් පමණ තුවාල ලැබූ බවය. ඩකා අගනුවර පැවැති එම විරෝධතා රැළිය විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කරද්දී, පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගත් බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS