මෝදිගේ වැටුප් කප්පාදුවක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේත්, රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේත් වැටුප සියයට 30 කින් කප්පාදු කිරීමට පියවර ගෙන ඇත.

වැටුප් කප්පාදුවක් කිරීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදි සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් දෙදෙනා එක් වෙමිනි. ඇමැති මණ්ඩලයේ සහාය ඊට නොඅඩුව හිමිවී ඇති බව ද වාර්තා වේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මේ වනවිට ඉන්දියාව දින 21 ක කාලයක් සඳහා මුළුමනින්ම වසා දමා ඇත. අග්‍රාමාත්‍ය නරේව්ද්‍ර මෝදි විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් ඉන්දීය වැසියෝ මහත් අසීරුතාවකට පත් වී සිටිති.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS