මෝදිගේ රජයට සහාය දෙනවා - සෝනියා ගාන්ධි



‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය පාලනය වනතුරු, කොන්දේසි විරහිතව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට සහාය පළ කරන බව, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

“කොරෝනා අඩපණ කිරීමට නම් පක්ෂ හෝ පාට භේදයකින් තොරව, සියලු දේශපාලන පක්ෂ එකමුතු වෙන්න ඕනෑ. මේ වෙලාවේ මෝදි රජයට අප කොන්දේසි විරහිතව සහාය පළ කරනවා” යැයි කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි මාධය හමුවේ පවසා තිබේ.

“කොරෝනා වසංගතය ඔබට හෝ මට පමණක් නොව අප හැමෝටම පොදු ව්‍යසනයක් බවට පත් වී අවසන්. දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී කොරෝනා මර්දනය කරන්න බැහැ. ඒ බව මෝදි රජය වටහා ගන්න ඕනෑ” යැයි කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

50 හැවිරිදි රාහුල් ගාන්ධි පසුගිය සතියේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැණින. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව කොංග්‍රස් පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS