මෝදිගේ උපදෙස් පිළිපඳින මට වැරදිලා නෑ



තමිල්නාඩු ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති ලෙස කටයුතු කරන, ඕ පනීර්සෙල්වම් මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත්තේ, ඔහුට උපදෙස් ලබා දෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බවත්, එම උපදෙස් අනුව ඔහු ක්‍රියා කරන බවත්ය.

ඕ පනීර්සෙල්වම් යනු අභාවප්‍රාප්ත මහ ඇමැතිනී ජයලලිතාගේ සමීපතම ආධාරකරුය.

ජයලලිතා දූෂණ චෝදනා සම්බන්ධයෙන් නරදකාරිය වී සිර දඬුවම් විඳි අවස්ථාවලදී, ඇය වෙනුවෙන් මහ ඇමැති පුටුවේ රැඳී සිටියේ ඕ පනීර්සෙල්වම්ය.

පනීර්සෙල්වම්, අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් උපදෙස් ලබා ගැනීම, පනීර්සෙල්වම්ගේ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS