මේස පන්දු ක්‍රීඩිකාවගේ සහායට ඉම්රාන්



පිළිකාවකින් පීඩා විඳින 16 හැවිරිදි පාසල් මේස පන්දු දැරියකට පිහිට වීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් ඉදිරිපත් වී ඇත.

අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉම්රාන් ඛාන් මෙම දැරිය සොයා බැලුවේ යැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර ඇත.
මෙහාක් අන්වර් නමැති මෙම දැරිය, මේස පන්දු ක්‍රීඩාවට සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන අයෙකි. ඇය පාසල් මට්ටමින් ජයග්‍රහණ රැසක් දිනා ඇත.

හිටිහැටියේ පිළිකා රෝගියකු වූ ඇය සම්බන්ධයෙන් නව අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ ඇගේ පියාය. දැරියගේ පියා පාකිස්තාන රජයේ පාසලක ලිපිකරුවකු ලෙස සේවය කරයි.

දැරිය ගැන සැලවීමෙන් පසු අගමැති ඉම්රාන් ඇය ගැනත් ඇගේ රෝගී තත්ත්වය ගැනත් සොයා බැලුවේය. අගමැති ඉම්රාන් මෙහාක් දැරියට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් සමඟ ද සාකච්ඡා කළ බව වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS