මෙක්සිකෝ දුම්රිය පාලමක් කඩා වැටේ



මෙක්සිකෝවේ දුම්රිය ගුවන් පාලමක් පහර මාර්ගයට කඩා වැටීමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 80 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවෝ ද වෙති. හිටිහැටියේ කඩා වැටී ඇත්තේ නගරය මැදින් දිවෙන දුම්රිය මාර්ගයට අයත් ගුවන් පාලමකි.

පාලම කඩා වැටෙද්දී මගී දුම්රියක් ඒහි ගමන් කරමින් වූ අතර, පාලමත් සමඟ දුම්රිය මැදිරි පහළ මාර්ගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ මතට පතිත වී තිබේ.

දුම්රිය මැදිරි තුළ සිරවී තුවාල ලැබූවන් පමණක් නොව, පොඩි පට්ටම් වූ මෝටර් රථවල සිරවුණු පිරිස් ද බේරා ගනිමින් රෝහල්ගත කිරීමට මහා පරිශ්‍රමයක් දැරීමට සහන සේවකයන්ට සිදුවුණු බව ද වාර්තා වේ.

මෙක්සිකෝ සිටී (එ.එෆ්.පී.)


RECOMMEND POSTS