මෙක්සිකෝ තාප්පය ’වහල්භාවයට සහ වේදනාවට’ හේතු වේවි - බර්ලින් නගරාධිපති



"හුදකලා මාර්ගයක ගමන් නොකරන" ලෙස බර්ලිනයේ නගරාධිපති මයිකල් මුලර් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි. 

නගරාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේ ඇමරිකාව සහ අසල්වැසි මෙක්සිකෝව අතර දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම සඳහාවන සැලසුම පිළිබඳ අදහස් දක්වමිනි.

එවැනි බෙදීමක් " හේතු විය හැකි බවට අනතුරු අඟවන නගරාධිපති මයිකල් මුලර් ඒ හරහා "දසලක්ෂ ගණනක ගේ ජීවිත විනාශ විය හැකි" බව පෙන්වා දුණි

1961 වසරේ සිට 1989 දක්වා වූ කාල සීමාව තුළ ජර්මනියේ බර්ලින් නගරය තාප්පයකින් වෙන් වී පැවතිණි

දෙරට දේශ සීමා අතර තාප්පයක් බැඳීම මුල් කරගනිමින් මතු වී තිබෙන මතභේද සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටෝ එකඟතාව පළ කළහ.

අසල්වැසි මෙක්සිකෝව අතර වූ දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි.එම තාප්පය බැඳීම සඳහා මෙක්සිකෝව මුදල් ලබා නොදෙන බව එරට ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේය.

අසල්වැසි මෙක්සිකෝව සමග ඇති දේශ සීමාව ඔස්සේ කිලෝමීටර 3,000 ක් දිග තාප්පයක් ඉදිකිරීම සඳහාවන සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කරයි.මීටර 9 - 16 අතර උසින් යුත් යෝජිත තාප්පය කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදිකිරීමට නියමිතය.

එමගින් මෙක්සිකෝවේ සිට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන්ට සිය රටට ඇතුළු වීමට නොහැකි වනු ඇති බව ඇමරිකාවේ රිපබ්ලිකන් දේශපාලනඥයන් සහ එම පක්ෂයේ ආධාරකරුවෝ පවසති.මේවන විටත් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශ සීමාව තුළ වැටක් ඉදි කරනු ලැබ ඇත.

 


( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 

 


RECOMMEND POSTS