මුම්බායි සෞඛ්‍ය බලධාරීන්ට විරෝධයක්



‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී, මියගිය මුස්ලිම් වැසියකුගේ දේහය ආදාහනය කිරීමට මුම්බායි සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීම මුම්බායි මුස්ලිම් ප්‍රජාවගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

තමන් 65 හැවිරිදි මලාද් පළාතේ පදිංචිකරුවකු වන එම මුස්ලිම් පුද්ගලයාගේ දේහය භූමදානය නොකර ආදාහනය කළේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුව යැයි මුම්බායි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති නමුත් මුස්ලිම් ප්‍රජාව ඊට දැඩි විරෝධය පළ කර ඇත.

දේහය භූමදානය නොකරන්නේ, වයිරස විෂබීජ පසට හෝ ජලයට මුසුවීම වළක්වමින් යැයි ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

මුම්බායි නුවරදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS