මුම්බායි ටාජ් හෝටලවලට බෝම්බ තර්ජන



ඉන්දියාවේ මුම්බායි නුවර ටාජ් කොලාබා සහ ටාජ් ලෑන්ඞ් යන සුඛෝපබෝගී හෝටල දෙකට අද (30) දහවල්  බෝම්බ ප්‍රහාර එල්ල වේවි යැයි ලැබුණු දුරකතන ඇමැතුමක් හේතුවෙන් මහත් ආන්දෝලනයක් හටගත්තේය.

හෝටල් දෙකට දුරකතන ඇමැතුම් ලැබී ඇත්තේ දහවල් 12.20 සහ 12.30 අතර කාලයේය. ඇමතුම ලැබී ඇත්තේ පාකිස්තානයෙන් යැයි පොලිස් පරීක්ෂණවලින් පසුව අනාවරණය විය. ඇමතුම දුන් තැනැත්තා තර්ජනය කර ඇත්තේ හෝටල පුපුරුවා හරින බවටය.

ලැබුණු එම තර්ජනයත් සමඟ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වහා ක්‍රියාත්මක වී හෝටල පරීක්ෂා කළ බවත් හෝටල දෙකට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට පොලිසිය පියවර ගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

2008 වසරේ දී පාකිස්තානයේ සිට ආ ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්තවාදීහු මුම්බායි නුවරට දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. මුම්බායි නුවර ටාජ් හෝටල් ද ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වූහ.

මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS