මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි



ඉන්දියාවේ මුම්බායි නුවර වසර හතලිහකට වඩා පැරණි මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් 25 වැනිදා හදිසියේ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුවත් මියගොස් ඇති බව මුම්බායි පොලීසිය ප්‍රකාශ කළේය.

ගොඩනැගිල්ලටයට වු පුද්ගලයින් සොයා මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් එම මෙහෙයුමේදි ගිනිනිවන භටයින් දෙදෙනෙකු තුවාල ලැබු බවත් පුද්ගලයින් දහසය දෙනෙකු මුදාගැනීමට හැකි වු බව මුම්බායි ගිනිනිවන ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.

අනතුර සිදුවන අවස්ථාවේදි පහත මහලේ පුද්ගලයින් රැදි නොසිටි බවට වාර්තා වන අතර ගොඩනැගිල්ලේ අනිත් මහල් තුනේ පවුල් දොළහක් පමණ පදිංචි වී සිටි බව වාර්තා වේ.

2013 වර්ෂයේදි සිදු වු මෙවැනිම ගොඩනැගිලි කඩා වැටීම් වලින් පුද්ගලයින් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පසුගිය වර්ෂ කීපයේදි වාර්තා වු ඉහළම සංඛ්‍යාව බව  මුම්බායි ගිනිනිවන ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS