මුදල් නෝට්ටු පිරිසුදු කෙරේ



කොරෝනා වයිරස පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස භාවිතයට ගන්නා සියලු චීන මුදල් නෝට්ටු විශේෂ පිරිසුදු කිරීමකට යොමු කර ඇතැයි වාර්තා වේ.

පිරිසුදු කිරීම සිදු කරන්නේ පාරජම්බුල කිරණවලට ලක් කර විෂ බීජ විනාශ කිරීමෙනි. මෙම කටයුත්ත සිදුවන්නේ චීන මහ බැංකුවේ මැදිහත් වීමෙන් යැයි ද පැවැසෙයි.

නෝට්ටු ජනතාව අතරේ සංසරණය වීමට පෙර දින 14 ක් ‘නිරෝධායනය’ කර තැබීමට ද මහ බැංකුව තීරණය කර ඇත. චීන මහ බැංකුව මේ බව දැනුම් දුන්නේ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS