මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ



මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින පුද්ගලයාත් ඔහු/ඇය වටා සිටින පිරිසත් ආරක්ෂා කරන බව එම මධ්‍යස්ථානය මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් සඳහන් කරයි.

මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් තවමත් සමාජයේ කතාබහ පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනටත් විවිධ අධ්‍යයන සහ පර්යේෂණ කෙරෙමින් පවතී.

මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් මේ වනවිට “විශ්වීය මුඛ ආවරණ පැලඳීමේ” ප්‍රතිපත්තියක් ද නිර්මාණය වී තිබේ.

ලබන අප්‍රේල් මාසය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වැසියන්ට නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා නිපදවන එන්නත ලබාගත හැකි යැයි එරට බෝ නොවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි එස්. ෆවුචි සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි


RECOMMEND POSTS