මීළඟ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෆොක්ස් නාළිකාවෙන්



පසුගියදා ඇමරිකාවේ පැවති ජනපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Donald Trump ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය ක්‍රියාකළ ආකාරය ගැන ලොකු විවේචන මතුවුණා. හුඟක් මාධ්‍ය හිලරිට පක්ෂග්‍රාහීව වාර්තා සැපයූ බවට ට්‍රම්ප් පාර්ශවයෙන් චෝදනා එල්ල වූවා.

හැබැයි  ෆොක්ස් නිව්ස් නාලිකාවට එල්ල වුණේ ඒ චෝදනාවේ අනිත් පැත්ත. ෆොක්ස් නාලිකාව  ට්‍රම්ප්ට පක්ෂපාති නාලිකාවක්. ෆොක්ස් නාලිකාවෙහි වැඩකරන කිම්බර්ලි ගුල්ෆොයිලේ නම් මාධ්‍යව්දිනිය අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

කිම්බර්ලි  දිගින්දිගටම කළේ ට්‍රම්ප්ට පක්ෂග්‍රාහි ලෙස කටයුතු කිරීම බව හිලරිට හිතවාදී මාධ්‍ය කණ්ඩායම් චෝදනා කර සිටිනවා. සමහර වෙලාවලදී ට්‍රම්ප් විසින් කියපු ඔහුට අවාසි සහගත ප්‍රකාශත් ඇය මාධ්‍යයෙන් ඉදිරිපත් කළේ වෙනස් කරමින් කියලා ඇයට එල්ල වන චෝදනාවක්.

කොහොමහරි ධවල මන්දිර ලේකම් තනතුරට තෝරාගත් අයගේ සම්මුඛ වට දෙකින්ම ඇය සුදුසුකම් ලබා ඇති අතර අවසන් වටය මේ සතියේ අගදී පැවැත්වෙනවා.

මේ වෙද්දී  ඇයට තරගයක්ව කරට කර ඉන්න රිපබ්ලිකන් ජාතික කමිටුවේ ට්‍රම්ප්ගේ වත්මන් මාධ්‍ය ප්‍රකාශක ෂොන් ස්පයිසර්ට වෙනත් තනතුරක් ලබාදී ඇය මේ සඳහා පත්කරනු ඇති බවත් කියනවා.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.....


RECOMMEND POSTS