මිලදී ගන්න එන්නත් රහස් තැනක හංගනවා



ජනතාවට  නොමිලේ බෙදා දීමට මිලදී ගන්නා ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් රහස් තැනක ගබඩා කර තැබීමට තීරණය කර ඇතැයි දකුණු අප්‍රිකා රජය පවසයි.

එන්නත් රහස් තැනක සඟවා ගබඩා කර තබන්නේ, එය සොරකම් කිරීමට ලක්වනු ඇතැයි සැක කරන බැවිනි. දකුණු අප්‍රිකා රජය එන්නත් මිලියන 1.5 ක් මිලදී ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 21,600 ක් බවත් මරණ වාර්තා වන්නේ 399 ක් ලෙසත් පැවැසෙයි.

එංගලන්තයෙන් හිස එසවූ ‘කොවිඞ් 19’ විකෘති ප්‍රභේදය සේම, දකුණු අප්‍රිකාවෙන් ද විකෘති ප්‍රභේදයක් හමුවී ඇත. එය එංගලන්තයෙන් හමුවුණු ප්‍රභේදයට වඩා වෙනස් එකක් බවත් එංගලන්තයෙන් හමුවුණු ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණ වේගය වැඩි බවත් පැවැසෙයි.

ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS