මියන්මාරය සමඟ ගනුදෙනු අවසන්



මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය හෙලා දකිමින්, නවසීලන්තය සසහ මියන්මාරය අතර පවතින හමුදා සහ දේශපාලනික සබඳතා වහා නවතා දැමීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කර තිබේ.

මියන්මාර හමුදාව කුමන්ත්‍රණය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන් අත්අඩංගුවට ගැනීම නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

‘මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අසීරු මෙන්ම වෙහෙසකර ගමනක් ආරම්භ කළා පමණයි. ඒත් දැන් හමුදාව එක කඩාකප්පල් කර තිබෙනවා. නවසීලන්ත වැසියන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගන්න හමුදා පාලකයන් කටයුතු කර තිබෙනවා. එය කිසිසේත් අනුමත කරන්න බැහැ’ යැයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබේ.

නවසීලන්ත රජය, පසුගිය කාලයේ සූ කී ප්‍රමුඛ ඇගේ රජයට සහාය දක්වමින්, මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇගයීමට ලක් කරමින්, නවසීලන්ත ඩොලර් මිලියන 42 ක ආධාර ලබා දීමට කටයුතු කර තිබුණි. එම ආධාර වහා අත්හිටුවීමට ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරාය තීරණය කළාය.

වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS