මියගිය සංඛ්‍යාව ඉහළට



මේ වසරේ ගත වූ මාස 6 තුළ ඇෆ්ගනිස්ථානය තුළ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ එම කාලය තුළ සිවිල් වැසියන් 1692 දෙනෙකු මියගොස් ඇති බවය.

තලෙයිබාන් සහ අයි.එස්.සංවිධාන විසින් සිදුකළ ප්‍රහාරවලින් මෙම මරණ සිදු විය.

2001 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ මෙම ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වන අතර පසුගියදා පැවති නෙටෝ සාමාජික රටවල සමුළුවේදී ද ඇෆ්ගනිස්ථානයේ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ අවාධානය යොමුව තිබුණි

(තිළිණි ද සිල්වා)
අල්ජසීරා


RECOMMEND POSTS