මැලේරියා ඔසුවට ට්‍රම්ප්ගෙන් යළි පැසැසුම්



‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ නමැති මැලේසියා නාශක ඔසුවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පැසැසුම් යළි හිමිවී තිබේ. ඒ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුව සමත් බව පෙන්වා දෙමිනි.

‘වෛද්‍යවරුන් එපා කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ නැහැ. ඒත්, මා මගේ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ දිනකට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පෙත්තක් බොනවා. අතුරු ආබාධ නැහැ. මා නිරෝගීව ඉන්නවා’ යැයි ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුව අතුරු ආබාධ සහිත බවත්, එයින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව ඇමෙරිකන් වෛද්‍යවරුන් ද පවසා තිබේ. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ඔහු දිනපතා ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ පෙත්තක් භාවිතයට ගන්නේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS