මැතිවරණය ජූලි මාසයට



ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ ජූලි 20 වැනිදා පැවැත්වීමට පැවැත්වෙනු ඇතැයි ඇෆ්ගන් මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේය. දේශපාලන සහ තාක්ෂණික ගැටලු මුල්කොට ගනිමින්, මැතිවරණය අප්‍රේල් තෙක් කල් ගියේය.

කෙසේ නමුත් අප්‍රේල් මාසයේ මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් එය ජූලි 20 වැනිදා තෙක් කල් දැමීමට සිදුවුණු බවත් ඇෆ්ගන් මැතිවරණ කොමිසම වෙනුවෙන් අබ්දුල් අසීස් ඊබ්‍රහීමි පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS