මැඩරීඩ් නුවර ට ඇතුළු වන වාහන වලට සීමාවක් !




ස්පාඤ්ඤයේ මැඩරීඩ් අගනුවර වායු දූෂනය ඉහළ යාම නිසා නගරයට ඇතුල් වන වාහනවලින් බාගයක්ම අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ලෝකයේ වායු දූෂණය අඩු, සුපිරිසිදුම නගරවලින් එකක් වන මැඞ්රිඞ්වලින් පසුගිය දින කිහිපයේදී වායු දූෂනය වාර්තා වුණේ රථවාහනවල වරදකින් නම් නොවෙයි.

අධික සූර්යතාපය හේතුවෙන් යුරෝපා සංගමය විසින් අනුමත කර තිබෙන ප‍්‍රමාණයට වඩා වැඩි වායු දූෂණ කාරක ප‍්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙන බව සොයාගැනීම නිසයි.මේ අනුව ඉරට්ටේ සංඛ්‍යා සහිත නොම්බර තිබෙන වාහන ඊයේ දිනයේ මැඞ්රිඞ් නගරයට ඇතුල් වුණේ නැහැ.

නමුත් මේ තාවකාලික පිළියමට විරෝධය පළ කළ අයත් සිටියා. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින රටක පුරවැසියන් වශයෙන් ඔවුන් මේ තීරණයට එරෙහිව සිය මතය නිදහසේ කියා සිටියා.සමහරුන් කිව්වේ ඉරට්ටේ සංඛ්‍යා සහිත වාහන තෝරාගැනීම නිසා තමන්ගේ අයිිතිවාසිකම් කඩවූ බවයි.

වායු දූෂනය ඉහළ ගොස් තිබෙනවා නම් පිළියම මෙය නොවන බවත්, කළ යුත්තේ විදුලි මෝටර් රථ ප‍්‍රවර්ධනය කිරීම වැනි පියවරකට එළඹීම බවත් ඔවුන් කියා සිටියා.


( තිළිණි ද සිල්වා )
ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි....

 


RECOMMEND POSTS