මැක්රොන්ට ‘සයිබර්’ ප්‍රහාරයක්



ප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය හෙට (7) ආරම්භ වීමට නියමිත අතර ප්‍රධාන අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල විය.

සයිබර් ප්‍රහාරය හරහා හැකර්වැන් උත්සාහ ගෙන ඇත්තේ ඡන්ද දායකයන් නොමඟ යැවීමට යැයි පැවැසෙයි.

මැක්රොන්ගේ කීර්ති නාමය කෙළසීමට ‘හැකර්වරුන්’ උත්සාහ ගෙන ඇතැයි ද පැවැසෙයි. මැක්රොන්ට අවාසි වන අයුරින් ලියකියවිලි රැසක් ඔවුන් අන්තර් ජාලයට මුදා හැර ඇතැයි ද වාර්තා වේ.

හෙට ජනපතිවරණය පැවැත්වෙන්නේ මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා ල පෙන් අතරේය. මෙහිදී මැක්රොන්, ල පෙන් අභිබවා යනු ඇති බවත් මීළඟ ප්‍රංශ ජනපතිවරයා වනු ඇති බවත් අනාවැකි පළ වී තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS