මැක්රොන් විපතට පත්වූවන්ට සනසයි



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්  ඉර්මා සුළි කුණාටුවෙන් හානි සිදුවුණු ශාන්ත මර්ටින් කැරිබියානු දූපතේ සංචාරය කළේය.

ශාන්ත මාර්ටින් යනු කැරිබියානු මුහුදේ පිහිටි දූපතකි. ප්‍රමාණය වර්ග සැතපුම් 33.59 කි. මෙම දූපත ප්‍රංශයටත්, නෙදර්ලන්තයටත් අයත් වෙයි. ප්‍රංශයට අයත් කොටස ඇත්තේ දූපතේ උතුරු දෙසිනි. ප්‍රංශ ජනාධිපති මැක්රොන් සංචාරය කළේ එම කොටසේය.

‘ඉර්මා’ සුළි කුණාටුවෙන් සිදුවුණු හානිය සියැසින් දැකගත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් කියා සිටියේ සහනාධාර රැගත් ගුවන් යානා කඩිනමින් දූපතට එවීමට තමන් පියවර ගත් බවය. සහනාධාර බෙදා හැරීමටත්, සහන සේවා කටයුතු සඳහාත් ප්‍රංශ හමුදාව යොදවා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS