මැක්රොන්-ජැසෙන්ඩා අන්තවාදයට එරෙහි වෙති



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ඇතුළු ලෝක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අන්තවාදය පිටුදැකීමේ විශේෂ සමුළුවක් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භ විය.

මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට පහර දුන් සුදු අන්තවාදී තරුණයා ඔහුගේ අදහස් පමණක් නොව, එම වෙඩි තැබීමේ දසුන් පවා ප්‍රසිද්ධියට පත් කිරීමට ෆේස්බුක් සමාජ ජාලය භාවිතයට ගත්තේය.

සමාජජාල හරහා පැතිර යන අන්තවාදය පිටුදැකීම මෙහිදී රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය. පසුගිය දා ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ෆේක්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අතර හමුවක් ද පැරිසියේදී පැවැත්විණි.

අන්තවාදී අදහස් සහ වෛරය පතුරුවන අදහස් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් වීම වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණි.

පැරිසියේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS