මැක්රොන් ජර්මනියේ



ජනපති ධුරයට පත්වූ සැණින් අගමැති ධුරය සඳහා එදුවාද් පිලීප් තෝරා ගැනීමෙන් අනතුරුව පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ප්‍රංශ නව ජනපති ඉමැනුවෙල් මැක්රොන් ජර්මනියේ බර්ලීන් නුවරට පැමිණියේය.

ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්ගෙන් ප්‍රංශයේ ළාබාලතම ජනාධිපතිවරයා ද වන මැක්රොන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ප්‍රංශනව ජනාධිපති මැක්රොන්, යුරෝපා සංගමයේ හිතවාදියෙකි. ප්‍රංශය පමණක් නොව යුරෝපා සංගමය ද ශක්තිමත් කිරීමට උත්සාහ කරනවා යැයි මැක්රොන් ප්‍රතිඥා දී ඇත.

යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජික රටවල් දෙක වන්නේ ජර්මනිය සහ ප්‍රංශයයි. මහා බි්‍රතාන්‍ය ජනමත විමසුමකින් පසු යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. නව ජනපති මැක්රොන් තමන් සමඟ සිටීම තමන්ට විශාල ශක්තියක් බව යුරෝපා සංගමයේ සෙසු සාමාජිකයන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS