මාලදිවයින යළි පොදු රාජ්‍ය මණ්ඩලයට එක්කර ගන්න



මාලදිවයින යළිත් වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට එක් කර ගන්නැයි ඉන්දියාව මාලදිවයින වෙනුවෙන් ඉල්ලීමක් කර ඇත.

මාලදිවයින වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර්ය. ඒ,  ලන්ඩන් නුවර පැවැත්වෙන 19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදීය.

මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් විය. කෙසේ නමුත් 2016 වසරේ දී, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් මාලදිවයින ඉවත් කෙරුණි. ඒ, එවකට මාලදිවයිනේ ජනාධිපති ලෙස කටයුතු කළ අබ්දුල් යමීන්ගේ පාලනයට විරෝධය දැක්වීමක් ලෙසය.

පොදු රාජ්‍ය මණ්ඩලය එම අවස්ථාවේදී චෝදනා කළේ මාලදිවයිනේ මානව හිමිකම් දරුණු ලෙස උල්ලංගනය වන බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අබ්දුල් යමීන්ගේ රජය අපොහොසත් වූ බවත් පෙන්වා දෙමිනි.

අද වනවිට මාලදිවයින ජනපති ධුරය හොබවන්නේ අබ්දුල්ලා සෝලිය. සෝලිගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ රජය ඉන්දියාවට පක්ෂපාතීය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සෝලිගේ දිවුරුම් දීමේ උලෙළේ ප්‍රධාන අමුත්තා විය. පසුගිය දා දෙවැනි වර අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ප්‍රථම විදේශ සංචාරය ආරඹමින් ගියේ ද මාලදිවයිනටය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS