මහා බි‍්‍රතාන්‍යයේ සැමරුම්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ එංගලන්තයේ ලන්ඩන් ඇතුළු ප‍්‍රධාන නගර රැුසක විවිධ උත්සව පැවැත්විණි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදුවූයේ පසුගිය 31 වැනිදා, බි‍්‍රතාන්‍ය වේලාවෙන් රාතී‍්‍ර 11 ටය.

ලන්ඩන් බිග් බෙන් ඔරලෝසු කුලූනේ රාතී‍්‍ර 11 නාද වෙනවාත් සමඟ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ විය. බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් බ්‍රෙස්කිට් කි‍්‍රයාවලිය සැමරූ බව පැවැසෙන්නේ පවුම් 350 ක වටිනා වයින් බෝතලයකිනි.

මහා බි‍්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය අතරේ 47 වසරක් තිස්සේ පැවැති සහයෝගීතාව ඒ අනුව අවසන් විය. යුරෝපා සංගමයට අයත් සාමාජික රටක්, එයින් ඉවත් වුණු පළමු අවස්ථාව මෙයයි. මහා බි‍්‍රතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS