මහල් නිවාස ගොඩනැගිලි හිස් කෙරේ



ග්‍රෙන්ෆෙල් මහල් නිවාස ගොඩනැගිල්ලේ හටගත් ගින්නෙන් පසු, නිවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි සැලකිය හැකි ලන්ඩන් නුවර තවත් මහල් නිවාස 5 ක් හඳුනාගෙන ඒවා හිස් කර, පිළිසකර කිරීමට ලන්ඩන් බලධාරීහු පියවර ගත්හ.

ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුලුනේ සිදුවුණු ගින්නෙන් 79 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගින්න හටගත්තේත් එය කඩිනමින් මහල් නිවාස පුරා පැතිර ගියේත් ගොඩනැගිල්ල නිසි ලෙස නඩත්තු නොකළ නිසා බව අවසන් පරීක්ෂණවලින් හෙළි විය.

ඒ අනුව, ලන්ඩන් පුරපති සිදීක් ඛාන්ගේ මැදිහත් වීමෙන් ලන්ඩනයේ පිහිටා ඇති මහල් නිවාස ගොඩනැගිලිවල ආරක්ෂාව කෙසේදැයි කඩිනමින් සොයා බැලිණි. අනාරක්ෂිත යැයි මහල් නිවාස ගොඩනැගිලි 5 ක් හඳුනා ගැනීම සිදුවූයේ ඒ අනුවය.

 (ඬේලිමේල්)

 


RECOMMEND POSTS