මරු කටින් පැනීම



කිඹුල් කටින් බේරී, නදියක් තරණය කරන, අප්‍රිකානු විල්ඩර්බීස්ට් ගවයින් කණ්ඩායමකගේ ඡායාරූප පෙළෙක් ඬේලිමේල් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එම ඡායාරූප මේවනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී අවසන්ය.

මෙම සිද්ධිය දැකගන්න ලැබී ඇත්තේ ටැන්සානියාවේ වන රක්ෂිතයකිනි. විල්ඩර්බීස්ට් ගවයින් සිය ගණනින් මේ තරණය කරන්නේ ‘මාරා’ නදියයි.

ඔවුන් එනිනෙකා පෙළට නදිය හරහා යද්දී, උන් ගොදුරු කර ගැනීමට කිඹුළන් රංචුවක් රැකගෙන සිය ඇත.

කෙසේ නමුත් මරණයේ හකුපාඩාවලින් බේරී ගවයින් රංචුව එගොඩ ගිය හැටි නරඹමින් එය ඡායාරූපයට නැගීමට සමත් වී ඇත්තේ වර්නොන් ක්‍රෙස්වෝල්ය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS