මරණ දඬුවම නිෂ්ප්‍රභ කෙරේ



පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ට ලබාදුන් මරණ දඬුවම නිෂ්ප්‍රභ කෙරුණි.

හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම හිමිවූ​යේ රාජ්‍ය ද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ බැවිනි. මරණ දඬුවම ලබා දීම සිදුවූයේ දේශද්‍රෝහී චෝදනා විභාග කරන පාකිස්තාන විශේෂ අධිකරණයකිනි.

මරණ දඬුවම නිෂ්ප්‍රභ කෙරුණේ, එම විශේෂ අධිකරණය දුන් එම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ලාහෝරයේ මහාධිකරණයක් තීන්දු කළ බැවිනි.

හර්ෂණ තුෂාර

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS