මනිපූර් බෙදුම්වාදීහු වෙනම රාජ්‍යයක් පිහිටුවති



ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලන බ්‍රිතාන්‍යයේ රැඳී සිටින මනිපූර් දේශපාලන නායකයන් එක් වී, මනුපූර් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇතැයි වාර්තා වේ.

මනිපූර් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් වූයේ බ්‍රිතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවැති ඉන්දියාවට නිදහස හිමිවීමෙන් වසර දෙකකට පසුවය. කෙසේ නමුත් එදා සිට මේ දක්වා මනිපූර් වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලමින් බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම් සහ සන්නද්ධ කණ්ඩායම් ඉන්දීය රජයට එරෙහිව විරෝධතා පවත්වයි.
බ්‍රිතාන්‍යයේ සිට පිහිටුවූ මනුපූර් මන්ත්‍රන සභාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් කැපවී කටයුතු කරන බව මනිපූර් අභ්‍යන්තර කටයුතු ඇමැති නරේන්බාම් සමර්ජිත් බි්‍රතාන්‍ය පුවත්පත්වලට පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS