මට්මෝ සුළි කුණාටුව බුල්බුල් වෙයි



පිලිපීන මුහුදින් ආරම්භ වුණු ‘මට්මෝ’ නමැති සුළි කුණාටුව, මේ වනවිට බෙංගාල බොක්ක පසු කරමින් ඉන්දියාට කඩා වැදීමට නියමිත බවත්, ඉන්දීය කාලගුණ බලධාරීන් ‘මට්මෝ’ සුළි කුනාටුව ‘බුල්බුල්’ යනුවෙන් නම් කරනු ලැබ ඇති බවත් වාර්තා වේ.

‘මට්මෝ’ සුළි කුණාටුව ආරම්භ වූයේ පිලිපීන මුහුදිනි. ඒ පසුගිය ඔක්තෝබර් 24 වැනිදාය. ඉන්පසු ‘මට්මෝ’ සුළි කුණාටුව, වියට්නාමය, කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය පසු කරමින්, බොංගාල බොක්ක දෙසින් ඉන්දියාවට කඩා වැදීමට නියමිතව ඇත. සුළි කුණාටුව කිලෝ මීටර් 1,800 ක් දුර ගමන් කර ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS