බෝනික්කියක වු ගගනගාමිනියක්



ඉතාලි ගගනගාමී සමන්තා ක්‍රිස්ටොෆොරෙට්ටිගේ අනුරුවින් යුත් බෝනික්කෙක් නිර්මාණ කර තිබේ.

කාන්තා ගගනගාමීයකුගේ අනුරුවකින් යුත් බෝනික්කන් නිර්මාණ කිරීමට සමාගමක් කටයුතු කර ඇත. අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධයෙන් ගැහැණු ළමුන්ගේ වැඩි අවධානය යොමුකරවා ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.

ඉතාලියේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන ගගනගාමී සමන්තා ක්‍රිස්ටොෆොරෙට්ටිගේ අනුරුවක් ආකාරයෙන් මෙම බාබි බෝනික්කන් සකස් කර තිබුණි. අභ්‍යකාශය තරණය කළ පළමු ඉතාලි ජාතික කාන්තාව වන්නේ ඇයයි.

ඇයගේ අනුරුවින් යුතු බෝනික්කෙක් සමන්තා වෙත ලබාදීමටත් අදාළ ආයතනය කටයුතු කර ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සුසංයෝගය මගින් අභ්‍යවකාශය සම්බන්ධයෙන් කුඩා දරුවන්ගේ අවධානය යොමුවනු ඇති බව ඇය පවසයි.

කුඩා දැරියන්ට සිය අනාගතය සම්බන්ධයෙන් වන අවස්ථා පිළිබද අවබෝධය ලබාදීමත්, ඒ සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණදීමට දිරිමත් කිරීමත් සිදුවෙයි.මෙය ඉතාමත් වැදගත් වැඩසටහනක් බව සංවිධායකයන්ගේ මතයයි.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.

RECOMMEND POSTS