බොරු කෙටි පණිවුඩයක්



වහාම දකුණු කොරියාවෙන් පිටවී යන්නැයි එරට රැඳී සිටින ඇමෙරිකන් හමුදා නිලධාරීන්, සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයට කෙටි පණිවුඩයක් ලැබීමත් සමඟ මහත් කලබලයක් නිර්මාණය විය.

පසුව අනාවරණය වූයේ එම කෙටි පණිවුඩය ව්‍යාජ එකක් කියාය. එපමණක් නොව එය අබිරහස් කෙඩි පණිවුඩයක් යැයි ද පැවැසෙයි.

කෙටි පණිවුඩය එවූ අය කවුරුන්දැයි සොයා පරීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි දකුණු කොරියාවේ ඇමෙරිකා හමුදා ප්‍රකාශක කර්නල් චැඞ් කැරොල් කියයි.දකුණු කොරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් 28,500 ක පිරිසක් රැඳී සිටින බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS