බෘහස්පතිගේ රතු ලපය



සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැළකෙන බෘහස්පතිගේ ‘රතු ලපය’ ගැන නව තොරතුරු රැසක් ඇමෙරිකා නාසා විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

නාසා විද්‍යාඥයන්ට මෙම නව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ ඔවුන් බෘහස්පති ගවේෂණයට යැවූ ‘ජූනෝ’ රොබෝ ගවේෂණ යානාවේ උදව්වෙනි. ඡායාරූප සහ දත්ත රැස් කරද්දී, ජූනෝ යානය රතු ලපයට සැතපුම් 2,200 ක් ඉහළින් ගමන් කළ බව ද වාර්තා වේ.

පිටතට රතු ලපයක් ලෙස දිස් වුවත්. මෙම ලපය මහා ප්‍රචණ්ඩ කුණාටු පද්ධතියකි. වසර 350 ක් තිස්සේ මෙය ක්‍රියාත්මක වන අතර, පෘථිවියට ගිලීමට පවා මෙම රතු ලපය විශාල යැයි ද පැවැසෙයි. රතු ලපය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් තමන් මවිතයට පත්වුණැයි ද නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.

(රොයිටර්)


RECOMMEND POSTS