බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයට නව නායකයෙක්



‘කොවිඞ් 19’ වයිරසයේ තර්ජන මැද මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවී ඇත.

පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජෙරමි කෝබින් ට පක්ෂ නායකත්වය අහිමි විය. පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු ඡුන්ද විමසුමින් පසු නව නායකයා වූයේ කීර් ස්ටාමර් ය. පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමේ ඡුන්ද විමසුම මාස 4 ක් තිස්සේ පැවැත්විණි. අවසානයේ කාගේත් මානාපය හිමිවූයේ කීර් ස්ටාමර් ට ය.

කෝර්බන් වසර 5 ක් තිස්සේ කම්කරු පක්ෂයට නායකත්වය දුන් නමුත් පසුගිය දෙසැම්බරයේ පැවැති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලැබූ දරුණු පරාජය හමුවේ දැඩි පසුබෑමකට ලක් විය.

පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙන්වා දුන් අතර, පක්ෂය අභ්‍යන්තරයේ වට කීපයකින් ඡුන්ද විමසීම් පැවැත්විණි. අපේක්ෂකයන් කිහිප දෙනකු අභිබවා යමින් 57 හැවිරිදි කීර් ස්ටාමර් කම්කරු පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනීම ඒ අනුව සිදුවිය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS