බාලවයස්කරුවන් දස දහසක් හමුදාවට



ජර්මානු යුධ හමුදාවට බාලවයස්කරුවන් දස දහසකට අධික පිරිසක් බඳවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

එලෙස හමුදා සේවයට නවකයින් බඳවා ගැනීම සඳහා තරුණ ප්‍රජාව ඉලක්ක කර හමුදාව අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ප්‍රචාරණ ව්‍යාපාර ඇතැම් පාර්ශවයන්ගේ විවේචනයට ලක්ව ඇත.

අසිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කළ ජර්මානු ශිෂ්‍යයෙකු වන මාලන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවකට වඩා ප්‍රියතාවයක් දැක්වූයේ හමුදා වෘතිකයෙක් ලෙස රටට සේවය කිරීමටයි.

ඒ අනුව වයස අවුරුදු18 ක් සම්පූර්ණ වීමටත් ප්‍රථම ඔහුට සිය සිහිනය යතාර්ථයක් බවට පත්කර ගැනීමට අවස්ථාව හිමිවුණේ 2011 වර්ෂයේදී අනිවාර්ය යුද සේවය අවසන් වීමෙන් පසුව ජර්මානු හමුදාවට බඳවා ගත් බාලවයස්කරුවන් 10 000කට වැඩි පිරිසක් අතර එක් පුද්ගලයෙකු බවට පත්වීමේ භාග්‍යය හිමිකර ගනිමින්.

2014 වර්ෂයේදී රුසියාව ක්‍රිමියාව ආක්‍රමණය කිරීමෙන් පසුව ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වෙමින් ජර්මනිය සිය හමුදා සේවයට බඳවා ගන්නන්ගේ සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළේය.

2017 වර්ෂයේදී ජර්මනිය සිදුකළ ප්‍රකාශයන්ට අනුව ඔවුන් සිය සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින් සංඛ්‍යාව  198 000 දක්වා ඉහළ නැංවීමටත් 2024 වර්ෂය වනවිට 179 000ක අපේක්ෂිත ඉලක්කයක් වෙත ළඟාවීමටත් අපේක්ෂා කරයි.

සිය යුධ ශක්තිය පිළිබඳව ජර්මනියේ අවධානය යොමුවීමට බලපෑ තවත් එක් සාධකයක් වුයේ මෑතකදී නේටෝ සමුළුවක් අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක්.

එහිදී ඔහු ප්‍රකාශ කළේ යුරෝපය හමුදා වියදම් ඉහළ දැමීමට පියවර නොගන්නේනම් වොෂින්ටනය නේටෝ සන්ධානයට ලබාදෙන සහය ඉවත් කරගැනීමේ වැඩි සම්භාවිතාවයක් පවතින බවයි.

හමුදා සේවයට නවකයින් බඳවා ගැනීම සඳහා තරුණ ප්‍රජාව ඉලක්ක කර හමුදාව අන්තර්ජාලය ඔස්සේද සිය ප්‍රචාරණ ව්‍යාපාර දියත් කර ඇති අතර එය ජර්මානු වාමාංශික දේශපාලනඥයින්ගේ සහ ළමා සුභසාධක උපදේශකයන්ගේ විවේචනයට ලක්වුණි.

මේ අතර මීට වසරකට පමණ පෙර බාලවයස්කරුවන් හමුදා සේවයට බඳවා ගැනීමට එරෙහිව පුද්ගලයින් 3000ක් පමණ අත්සන් කළ ලිපියක් ජර්මානු ආරක්ෂක අමාත්‍යවරයාට ලැබී ඇති බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා.


RECOMMEND POSTS