බ්‍රෙක්සිට් යෝජනාව පැරදුණොත් මැතිවරණයකට යනවා



කිසිදු ගිවිසුමකින් තොරව, යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් මහා බි‍්‍රතාන්‍යය ඉවත් කර ගැනීමට තමන් ඉදිරිපත් කරන යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නොහැකි වී පරාජය වුවහොත් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්, අගමැති ජොන්සන් සිය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්නේ ලබන ඔක්තෝබර් 14 වැනිදාය.

එම යෝජනාව එදින සභාගත කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, මහ මැතිවරණයකට යෑමේ අදහසක් තමන් තුළ නැති බවත් අගමැති ජොන්සන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය.යෝජනාව පරාජයට පත් වුවහොත්, මැතිවරණයකට යෑම හැර වෙනත් විකල්පයක් තමා සතුව නැති බව ද බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අවධාරණය කළේය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS