බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000 ට සීමාවේ



මහා බ්‍රිතාන්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 55,000 ට ආසන්න යැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

අවසන් වරට ලැබුණු දත්ත අනුව, මහා බ්‍රිතාන්‍යයේ කොවිඞ් මරණ වාර්තා වූයේ 54,900 ක් ලෙසිනි.

දෛනිකව මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ‘කොයිඞ් 19’ ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින බව පැවැසෙයි.

‘කොවිඞ් 19’ දරුණු තත්ත්වයක් තිබියදී පනවා ඇති තහංචි අදියරෙන් අදියර ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය පියවර ගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS