බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 ක්



මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 සීමාව පසු කළේය. මහා බ්‍රිතාන්‍යය අයත් වන්නේ යුරෝපා රටවල් අතරටය. යුරෝපා රටකින් කොරෝනා මරණ 50,000 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඊයේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් ගණන 1,256,725 ක් බව පැවැසිණි. මේ වනවිට මරණ 50,000 පසු කළ සෙසු රටවල් වන්නේ ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝවය.

මහා බ්‍රිතාන්‍යය කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ පා සිටී. මහා බ්‍රිතාන්‍යය මේවනවිට, මාසයක කාලයක් සඳහා ලොක්ඩවුන් කර තිබේ. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය.

(රොයිටර්)


RECOMMEND POSTS