බ්‍රසීලයේ කොරෝනා මරණ 1,50,000 සීමාව පසු කරයි



ලොව දෙවැනියට කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ කෙනාරෝනා මරණ 1,50,000 සීමාව පසු කළේය. ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,50,198 ක් ලෙස වාර්තා වෙයි.

 

ලොව දෙවැනියට වැඩිම කොරෝනා වයිරස මරණ වාර්තා වුවත්, ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් නොව ඉන්දියාවෙනි. ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

 

කොරෝනා වයිරසය ලතින් ඇමෙරිකා රටවල දරුණු ලෙස පැතිර යයි. බ්‍රසීලයෙන් පසු වැඩිම කොරෝනා ආසාදිතයයන් වාර්තා වන ලතින් ඇමෙරිකානු රට වන්නේ කොලොම්බියාවය. කොලොම්බියාවේ ආසාදිතයන් ගණන 8,94,300 කි. මරණ වාර්තා වන්නේ 27,495 ක් ලෙසිණි. ආජන්ටිනාවෙන් ආසාදිතයන් 8,71,445 ක් වාර්තා වන අතර මරණ වාර්තා වන්නේ 23,225 ක් ලෙසිණි. පේරු රාජ්‍යයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 8,43,355 කි. මරණ වාර්තා වන්නේ 33,158 ක් ලෙසිණි.

සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS