බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ධුරය හමුදා ජනරාල්වරයකුට



මාස ගණනාවක් පුරප්පාඩු වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ධුරයට, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, හමුදා ජනරාල්වරයකු පත් කර ඇත.

ජනාධිපති බොල්සරානෝ විසින් සෞඛ්‍ය අමත්‍ය ධුරයට පත් කරනු ලැබ ඇත්තේ ජනරාල් එඩුවාඩෝ පසුවෙලෝය.

කෙසේ නමුත් බ්‍රසීල දේශපාලන විශ්ලේෂකයන් සහ විපක්ෂ ක්‍රියාකාරීන් චෝදනා නගන්නේ ජනරාල් එඩුවාඩෝ ට සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති බවය.

මාස ගණනාවක් තිස්සේ බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ධුරය හිස්ව පැවැතියේ එම ධුරයේ කටයුතු කළ සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ඉල්ලා අස්වීමය. ඒ, ජනාධිපති බොල්සරානෝ සමඟ පැවැති මත ගැටුම් හේතුවෙනි.

බ්‍රසීලියාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS