බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි



ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලයිකන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයට ගියේය. මෙය බ්ලයිකන්ගේ පළමු ආසියානු සංචාරය ද වෙයි.

බ්ලයිකන් සමඟ මෙම සංචාරයට ඇමෙරිකාවේ පෙන්ටගන් ප්‍රධානී ලොයිඩ් ඔස්ටින් ද ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය. පෙන්ටගනය යනු ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවය.

ජපානය සහ ඇමෙරිකාව අතර රාජ්‍ය සබඳතා පමණක් නොව, හමුදා සබඳතා ද ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, බ්ලයිකන් සහ ඔස්ටින් දෙදෙනා ජපානයට පැමිණි බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සූගා අතරේ හමුවක් ද පැවැත්විණි. ඒ, ‘ක්වඩ්’ නායකයන් අතරේ පැවැති සමුළුවේදීය. හමුව පැවැත්වීම සිදුවූයේ වීඩියෝ තාක්ෂණයෙනි.

එහිදී බයිඩන්, ජපාන අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ වොෂින්ටනයට පැමිණෙන ලෙසටය. එම ඇරැයුම අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සූගා පිළිගත්තේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS