බසය පෙරැළී සිසුහු මරුට



ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේදී පාසල් බස් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුන් 27 දෙනෙකු මිය ගොස් තිබේ. අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිමාචල් ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයකදී පෞද්ගලික පාසලකට අයත්  බස් රථයක් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් අඩි 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට ඇදවැටී ඇති බවයි.

බලධාරීන් අදාළ අංශවල සහය ලබාගෙන මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර ඇතැම් සිසුන් පාසල්  බස් රථය තුළ සිරව සිටි බවද වාර්තා වෙයි. පාසල් බස් රථයේ සිටි සිසුන් බොහෝ පිරිසක් 5 ශ්‍රේණියේ හෝ ඊට පහළ පන්තිවල ඉගෙනුම ලැබූවන් බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS