බලය අහිමි දකුණු කොරියා ජනපතිනියගෙන් ප්‍රශ්න කෙරේ



මුල්‍ය අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිත කළැයි චෝදනා එල්ල වී, බලයෙන් නෙරපා දැමුණු දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන් හේ එරට දූෂණ විමර්ශන අංශය හමුවේ පෙනී සිටි අතර, ඇයගෙන් පැය 14 ක් තිස්සේ ප්‍රශ්න කෙරුණු බව මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනපතිනිය පාක් ග්වෙන් හේ දූෂණ විමර්ශන කාර්යාංශය බලා යන අවස්ථාව දැක ගැනීමට, ඇයගේ පාක්ෂිකයෝ සියයකට වැඩි පිරිසක් සෝල් නුවර ඇගේ නව නිවස ඉදිරියට රැස් වී සිටියාහ. පිරිස් පාලනයට පොලිසිය ද යොදවා තිබුණි.

දූෂණ විමර්ශන කාර්යාංශය බලා යෑමට සිය මෝටර් රථයට ගොඩ වන අවස්ථාවේදී, රැස්ව සිටි මාධ්‍යවේදීන්ට පාක් ග්වෙන් හේ කියා සිටියේ තමා කිසිදු වරදක් කර නොමැති බවත්, තමා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහාය ලබා දෙන බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS