බයිඩන්ගේ මාණ්ඩලික ප්‍රධානියා රොන් ක්ලේන්



ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩන්, සිය ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා ලෙස රොන් ක්ලේන් පත් කර ගන්නා බව නිවේදනය කර තිබේ.

 

59 හැවිරිදි රොන් ක්ලේන්, දීර්ඝ කාලයක් තිස්සේ ජෝ බයිඩන්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.

ජෝ බයිඩන් ඇමෙරිකා උප ජනාධිපති ලෙස කටයුතු කළේ ඔබාමා ජනපති ධුරය හොබවද්දීය. එම අවස්ථාවේදී ද බයිඩන්ගේ උපදේශකවරයා ලෙස කටයුතු කළේ ක්ලේන් යැයි පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS