බයිඩන්ගේ දිවුරුම්දීමට ට්‍රම්ප් නෑ



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ජෝ බයිඩන් ගේ දිවුරුම් දීමේ උත්සවයට නොයන බව ඇමරිකා  වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ජනාධිපති ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

බයිඩන් පරිපාලනය සමඟ සාමකාමී බල හුවමාරුවකට තමන් සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ පැවැසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් නික්ම යෑම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති  අතර ඔහු ජනවාරි 19 වැනිදා ධවල මන්දිරයෙන් නික්මෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

බයිඩන් දිවුරුම් දෙද්දී ජනපති ට්‍රම්ප්, ෆ්ලෝරීඩාවේ ඇති ඔහුගේ නිවාඩු නිකේතනය විවේකීයව ගත කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රොයිටර්


RECOMMEND POSTS